විදුහල්පති පණිවිඩය
R.A.H රණතුංග මිය
කුලි/අස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ විදුහල්පති ලෙස 2021 - 03 - 30 දින සිට වැඩ භාරගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි.මෙම විදුහල දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන වයඹ පළාතේ ඇති දීප්තිමත් පාසලකි.එම නිසාම බොහෝ දෙනාගේ ගෞරවයට ලක් වී ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණ හරහා ජනප්‍රියත්වයක් ලබා ඇති මෙම විදුහල 6 - 11 ශ්‍රේණි ඉගැන්වීම තුලින්ද මේ වනවිට සුබ දායක තත්වයක් කරා පියනගමින් සිටියි. දැනට විෂය සමගාමී ක්‍රියාකාරකම් කෙරෙහිද දැඩි අවධානයක් යොමු කර ඇති අතර අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. එමෙන්ම පාසල් ප්‍රජාව සදහා යමක් සන්නිවේදනය කිරීම සදහා මෙය මහත් රුකුලක් වනු ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මේ සදහා කැප වු තොරතුරු තාක්ෂණ අංශයට හා දරුවන් කණ්ඩායමයත් , උරදුන් සැමටත් මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර මෙම විදුහල ඉදිරියේදී සෑම අංශයකින්ම වයඹ පළාත දිදුලවන විදුහලක් බවට පත් කිරීමට මා ගන්නා උත්සහාය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
R.A.H රණතුංග මිය
විදුහල්පති
කුලි/අස්සැද්දුම සුභාරති විද්‍යාලය.






