කුලි/ සුභාරතී විද්‍යාලය වර්ශ 1928 දී ආරම්භ කරන ලදී .මෙම විද්‍යාලය ආරම්භ කිරීමේ මුල් උත්සහය හා පදනම දමන ලද්දේ කට්ටමුරිච්චානේ ශ්‍රි සුභාරතී හිමිපාණන් විසිනි. අද වන විටත් කුලි/ සුභාරති විද්‍යාලය යනුවෙන් මෙය නම් කර ඇත්තේ එයට උපහාරයක් වශයෙනි.
1928 වර්ශයේ මෙම විදුහල ආරම්භ කර ඇත්තෙ වර්තමනයේ පවතින භූමිය තුල නොවේ. දැනට විදුහල් භූමිය පවතින ස්තානයට ඉදිරිපසින් කුරුණෑගල කුලියාපිටිය මහාමාර්ගය අසල හේරත් මාමාගේ වත්ත නමින් හදුන්වන ලද භූමි භාගය තුල මෙම විදුහල ප්‍රතමයෙන් ගොඩනගා ඇත. පලමුව තිබි ඇත්තෙ පොල් අතු සෙවිලි කල පන්ති කාමරයන්ය .
වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
මුල් කාලයේ මෙම පාසලේ ශිශ්‍ය සංඛ්‍යාව ලමුන් 5දෙනෙකි. බී. එමලින් පෙරේරා නමැති තැනැත්තිය මුල්ම විදුගහල්පතිවරයාත් ගුරුතුමාත් වි ඇත. 1968 වන විට ලමුන් සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් පාසල වසා දැමීමට සිදු විය.
නමුත් නැවතත් එච්.එ.ජයමහ නමැති ගුරුවරයා විදුහල්පතිවරයා වී පාසල ආරම්භ කර ඇත. පසුකාලීනව පත් වූ විදුහල්පතිවරුන් මාර්ගයෙන් පාසල වර්තමන තත්ත්වය දක්වා පැමින ඇත. අක්කර 1 රුඩි 3ක කුඩ බිම් ප්‍රදේශයක විසිරි පැතිර ඇති පාසලේ වර්තමාන ශිශ්‍ය සංඛ්‍යාව 2000 කි. විදුහල්පතිතුමන් ඇතුලුව ආචාර්යමණ්ඩලය 84 දෙනෙකුගෙන් සමන්විත වේ. එ අනුව අප විද්‍යාලයේ වර්තමන නියමුවානන් ලෙස ආර්.ඒ. හේමා රණතුනංග මහත්මිය කටයුතු කරයි.
වර්තමාන කුලි/සුභාරතී විද්‍යාලය යහපත් අද්‍යපන, සදාචාර,සංස්කෘතික පරිසරයක් තුල දැයේ දරුවන් ගුණ දහමින් පෝශණය කරමින්, සමාජයට නිවැරදි, දැනුම, කුසලතා,ආකල්පයන්ගෙන් හෙබි දරු පරපුරක් සමාජයට දායාද කරමින් බැබළේ.
|
ආරම්භ කළ වර්ෂය |
1928 ආරම්භ කර ලද්දකි |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
- |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
5 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කදුරට මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කුරුණෑගල කුලියාපිටිය මහාමාර්ගය අසල හේරත් මාමාගේ වත්ත නමින් හදුන්වන ලද භූමි භාගය තුල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |






